Loading..

විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද සිට

විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව පවතින අතර විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති විදේශ විනිමය වශයෙන් බැංකුවල පවතින මුදල් සඳහා කිසිදු බද්දක් අය කිරීමක් සිදුනොකරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

කාණ්ඩ පහක් යටතේ එම සහනය ක්‍රියාත්මක වන අතර අමෙරිකානු ඩොලර් 2,400 ත් 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතී.

අමෙරිකානු ඩොලර් 4,800ත් අමෙරිකානු ඩොලර් 7,199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද අමෙරිකානු ඩොලර් 7,200ත් අමෙරිකානු ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් ද මෙමඟින් හිමිවනු ඇත.

ඊට අමතරව අමෙරිකානු ඩොලර් 12,000ත් අමෙරිකානු ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 2,400ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතින බව සඳහන්ය.

අමෙරිකානු ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 4,800ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතින අතර වසරක කාලයක් තුළදී අදාළ මුදල් මෙරටට එවා ඇති ඕනෑම අයෙක්ට එම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතී.

2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයින් සඳහා එම සහනය ලබාගැනීමට හැකියාව පවතින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

The post විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද සිට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/39MSE4c
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.