Loading..

නව ISIS නායකයා ඝාතනය කෙරේ

තුර්කි බුද්ධි අංශ විසින් උතුරු දිග සිරියාවේදී සිදු කරනු ලැබූ මෙහෙයුමකදී ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ (ISIS) නායක අබු හුසේන් අල් කුරාෂි ඝාතනය කළ බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් ප්‍රකාශ කර සිටිනවා.

තුර්කි බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙස සිරියාවේදී IS නායකයා ඝාතනය කර ඇති බවයි තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

සිරියානු ප්‍රාදේශීය සහ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ තුර්කියේ පිටුබලය ලබන කැරලිකාර කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන උතුරු සිරියාවේ ජන්දරිස් නගරයේ මෙම වැටලීම සිදුව ඇති අතර එම නගරය පෙබරවාරි 6 වන දින තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් දරුණුතම බලපෑමට ලක් වූ එකක් බවයි.

2022 නොවැම්බර් මාසයේදී දකුණු දිග සිරියාවේ දී අමෙරිකානු විශේෂ බලකාය විසින් සිදුකළ මෙහෙයුමකින් හිටපු ISIS නායකයා ඝාතනය කිරීමෙන් පසු අල්-කුරාෂි එම සංවිධානයේ නව නායකයා ලෙස තෝරා පත්කර ගනු ලැබුවා.

The post නව ISIS නායකයා ඝාතනය කෙරේ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EboWRDX
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.