Loading..

ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි! කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි වෙයි!

අද (03) දහවල් මාතර සිට මහනුවර බලා ධාවනයවූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී තිබේ.

එම අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත්  හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථයේ මව සමග එකම පවුලේ දරුවන් 03 දෙනෙකු සහ තවත් ඥාතියෙකු ගමන් කර ඇත.

යුද හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි 32 හැවිරිදි ඥාතියෙකු එම ත්‍රීරෝද රථය ධාවනය කර තිබෙන අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව පැවසෙයි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ වයස අවුරුදු 09ක දරුවෙක් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී ඇත.

අනෙක් දරුවන් දෙදෙනා, මව සහ තවත් ඥාතියෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු 07ක සිසුවෙකු අසාධ්‍ය තත්ත්වායන් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

The post ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි! කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි වෙයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sOTkcIF
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.