Loading..

කඩිනම් ජනාධිපතිවරණයක් කැදවන්න ව්‍යවස්ථා සංශෝධනයක්!

වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණය කැඳවීමට ව්‍යවස්ථානුකූලව බලය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනතා ඡන්දයෙන් තේරීපත්වන ජනාධිපතිවරයකුට සිය ධූර කාලය වසර 4ක් සම්පූර්ණ කිරීමෙන් පසු නැවත ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කළ හැක.

එහෙත් ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය අනුව ඡන්දයෙන් තේරීපත් නොවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට එම නීතිමය වරම හිමි නොවන බවට තර්කයක් ඉදිරිපත්ව ඇත.

එබැවින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා පත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපතිවරයා ධූරයට පත්ව වසර 4ක් ඇවෑමෙන් ජනාධිපතිවරණය කැඳවිය හැකිවන ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීම නව සංශෝධනයේ අරමුණ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ ගැන දැනටමත් රජයේ නීති විශාරදයන් මූලික සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

The post කඩිනම් ජනාධිපතිවරණයක් කැදවන්න ව්‍යවස්ථා සංශෝධනයක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wXxvo8n
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.