Loading..

ආසියානු ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ?

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එය මෙවර පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් එරට දී පැවැත්වීමටයි සැළසුම් කර තිබුණේ. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරඟාවලිය පවත්වන්නේ කුමන රටේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරිත්වයක් මතු වුණා.

ඒ අනුව තරඟාවලිය ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය හෝ බංග්ලාදේශයේ පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබුණේ.

කෙසේ වෙතත් මේ වන විට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට වැඩි අවධානයක් යොමුව ඇති අතර තරඟාලිය සැප්තැම්බර් මස 02 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 06කගේ සහභාගිත්වයෙන්.

The post ආසියානු ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nMZQFw7
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.