Loading..

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම පිළිබඳව ඉඟියක්

රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟාවුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවය.

“අපි දැන් බංකොළොත්භාවයෙන් මිදිලා තියෙනවා. එහෙම කරනකොට මේ රටේ ජනතාවට තමයි ඒ සැහැල්ලුව වාසිය හම්බවෙලා තියෙන්නේ. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රටේ ආර්ථිකය සකස් කරගෙන අවසාන කාර්තුව වන විට රජයේ සේවකයින් වැටුප් වර්ධකයක් ලබාදීමට බලාපොරොත්තු වන බව. ඒ නිසා තමයි මුදල් එකතුකර ගැනීම, ආදායම් වැඩිකරගැනීමට කටයුතු කරන්නේ. රජය බලාපොරොත්තු වන ඒ ඉල්ලක්කයට ගියොත් රාජ්‍ය සේවකයාටත් ඒ සැලකිල්ල කිරීමට පුළුවන් වේවි.”

The post රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම පිළිබඳව ඉඟියක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/atVoSsv
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.