Loading..

පියාගේ මන්න පහර පුතුට මරු කැඳවයි

ඉදුරුව ඇටවලවත්ත එස්. ඕ. එස්. සුනාමි ගම්මානයේ දී පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතර තුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මෙසේ මරාදමා ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි කසුන් කුමාර නමැති 21හැවිරිදි තරුණයකු බවද පොලීසිය කියයි.

නිවසේදී පියා සහ පුතා අතර ඇතිවූ කතා බහක් දුර දිගයාමෙන් පසු පියා නිවසේ මුලුතැන් ගෙයි තිබූ මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇති බවද පොලීසිය කියයි.

ගෙලට පිහි පහර වැදී අසාධයව සිටි පුතා බළපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව ද පොලීසිය කියයි.

මේ හැටපස් හැවිරිදි සැකකාර පියා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

The post පියාගේ මන්න පහර පුතුට මරු කැඳවයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xtdzBEW
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.