ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන මහතා අද (4) අභාවප්‍රාප්ත විය.
කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය.
ඒ මහතාගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාවක හෙට (5) පෙරවරු 8.30 සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අනිද්දා (6) සෙනසුරාදා පස්වරු 3.00 ට සිදුකෙරේ.
නාලනී ගුණවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඥාානාංග ගුණවර්ධන මහතා යුරේන්ද්‍ර ගුණවර්ධන සහ ඉසුරුවර ගුණවර්ධන යන පුතුන් දෙදෙනාගේ සහ චතුරිකා ගුණවර්ධන දියණියගේ පියාණන් වේ.
ටෙලිනාට්‍ය දහසකට අධික සංඛ්‍යාවකට සහ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඥාානාංග ගුණවර්ධන මහතා ‘නෝනාවරුනේ මහත්වරුනේ, තට්ටු ගෙවල් සහ පුංචි වළව්ව’ යන ටෙලිනාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලැබීය.
The post ‘තට්ටු ගෙවල්’ , ‘නෝනාවරුනේ මහත්වරුනේ’ ආදී ටෙලිනාට්‍ය මගින් රසික සිත් අමන්දානන්දයට පත් කළ ඥානාංග ගුණවර්ධන දිවිසැරිය නිම කරයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/hCnpmEY
via IFTTT


