පසුගිය 02 වනදා උදෑසන නැදුම්ගමුව සිට වැලිමඩ නගරයට ගමන්ගත් පුද්ගලික බස් රථයක පාපුවරැවේ සිටි මවක් මුත්තයියා හන්දියේ දී වංගු සහිත ස්ථානයක දි බස් රථයෙන් විසිවී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ,ගගොඩ කන්ද,ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් 51 එක් දරු මවක්.
මෙම මව වැලිමඩ නගරයේ වෙළඳ සැලක කම්කරු රැකියාවක් සිදුකරන අතර,උදෑසන රැකියාවට යාමේදී මෙම අනතුරු සිදු වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
පොලිසිය සඳහන් කරන අන්දමට අද උදෑසන හතයි තිහට පමණ වංගු සහිත ස්ථානයක පිටුපස දොරෙන් විසි වීමෙන් තුවාල ලබා වැලිමඩ රෝහලෙට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වය හේතුවෙන් බදුල්ල මහ රෝහලට රැගෙන යන අවස්ථාවේදී අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
The post පා පුවරුවෙන් වැටී එක් දරු මව මිය යයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/RI8gpmJ
via IFTTT


