ඊයේ (12) රාත්‍රියේ සිට කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව 750 දෙනෙකුගෙන් පමණ පිරිසක් කැරළිකාරී ලෙස හැසිරෙමින් රජයට යම් බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවට ලද බුද්ධි තොරතුරකට තොරතුරකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා විය.
නමුත් මෙලෙස කොළඹ විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග කැරළිකාරී ලෙස හැසීරීමට සංවිධානයවී සිටි පිරිසේ එම උත්සාහය මේ වනවිට ආසාර්ථක වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ යම් සංවිධානාත්මක පිරිසක් විසින් රජයට එරෙහිව විරෝධතා දක්වමින් කැරළිකාරී ලෙස හැසීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බවය.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, පෙලිස් කැරළි මර්දන ඒකකය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවන්ට අමතරව ගිනි නිවන රථද කැඳවීමට පියවර ගෙන තිබුණි.
එමෙන්ම කොළඹ නිදහස් චතුරාස්‍රය අවට, කොල්ලුපිටිය මංසන්ධිය අවට සහ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව ද තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
The post කොළඹ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කෙරේ! ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව, කැරලි මර්දන ඒකක, ගිනි නිවන රථ කැඳවයි! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/v2S3WFH
via IFTTT


