Loading..

ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක්

මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ, පසුගිය සමයේ අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට උත්සහා දරන්නාවූ අවස්ථාවක විවිධ කණ්ඩායම් විසින් රටතුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවය.

එබැවින් යම් පුද‍්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහා දරන්නේනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ), (ආ) අනුව නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

The post ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසි නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Q48zeJv
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.