Loading..

මහේන්ද්‍ර සිං දෝනිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් මාලාවක්

වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ, ටෙස්ට් ක්‍රිකට් තරග වලට යොදා නොගෙන සීමිත ඕවර් ක්‍රිකට් තරඟ සඳහා පමණක් යොදා ගැනීමෙන් ඔහු  ශ්‍රී ලංකාවට සම්පතක් බවට පත්විය හැකි බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විශ්වාසය පළකර සිටිනවා.

මතීෂ පතිරණ යනු ටෙස්ට්  ක්‍රිකට් තරඟ සඳහා බහුලව ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක් නොවන බව සිය අදහස යැයි මහේන්ද්‍ර සිං දෝනි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේදී පවා ඔහු පන්දුවාර 50 තරග සඳහාද හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුත බවයි මහේන්ද්‍ර සිං දෝනි වැඩිදුටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉතා දිගු කාලයක් සේවය කරනු ඇතැයි තමන්ට හැඟෙන බවද මහේන්ද්‍ර සිං දෝනි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

The post මහේන්ද්‍ර සිං දෝනිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් මාලාවක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/H9L6neO
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.