Loading..

කොදෙව් දේශයට දෙවරක් ලෝක කුසලානයක පහස උරුම කර දුන් ඩැරන් සමීට යළි කොදෙව් කණ්ඩායමේ වගකීම පවරයි

බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායකයෙකු වන ඩැරන් සැමී කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ Andre Coley කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ හා කොදෙව් A කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩැරන් සැමීගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම 2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙයයි.

ඔහු මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් හා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියන් හී දී පුහුණුකරු ධුරයන් දරා තිබෙනවා.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟාවලිය බවට පත්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියයි.

The post කොදෙව් දේශයට දෙවරක් ලෝක කුසලානයක පහස උරුම කර දුන් ඩැරන් සමීට යළි කොදෙව් කණ්ඩායමේ වගකීම පවරයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vZu56Fd
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.