Loading..

ඉතාලියේ මිලානෝහි පිපුරුමක්! වාහන රැසක් ගිනිබත් වෙයි!

පිපිරීමකින් පසු මිලානෝ නගර මධ්‍යයේ වාහන ගිනිගනිමින් පවතින බව වාර්තා වෙනවා.

ඔක්සිජන් සිලින්ඩර රැගෙන යමින් සිටි වෑන් රථයක් මෙලෙස පිපුරුමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරුම හේතුවෙන් වාහන ගණනාවක් ගිනිබත් වෙමින් පවතින අතර සුන්බුන්වලට ඉහළින් ඝන කළු දුමාරයක් නැඟී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට පිපිරුම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙම ගින්න නිවාස සංකීර්ණයක් සහ ඔසුසලක් දෙසට පැතිරෙමින් පවතින බවද වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයේ පවතින පාසලක සහ සාත්තු නිවාසයක සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට පොලිසිය කටයුතු කර තිබෙනවා.

The post ඉතාලියේ මිලානෝහි පිපුරුමක්! වාහන රැසක් ගිනිබත් වෙයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Dh5r37k
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.