Loading..

අනුර කුමාර, විජිත හේරත් ඇතුළු 26කට අධිකරණයෙන් තහනම් නියෝගයක්

අද (08) දින රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ජාතික ජන බලවේගය විසින් මැතිවරණය කල් දැමීමට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර ඇත.

එහෙත් එම සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) දින අනුර දිසානායක ඇතුළු 26 දෙනකුට එරෙහිව නියෝගයක් නිකුත් කර ඇත.

කොටා පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන් වල උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, පක්ෂයේ සාමාජික විජිත හේරත්, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත.

The post අනුර කුමාර, විජිත හේරත් ඇතුළු 26කට අධිකරණයෙන් තහනම් නියෝගයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uQVgTry
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.