Loading..

ඇඳ විට්ටමට යට වී මිලින වූ මල් කැකුළ

තේක්ක ලීවලින් සකස් කරනු ලැබූ ඇඳ විට්ටමක් පෙරළී එයට යටවීමෙන් තුන් හැවිරිදි වියේ පසුවන දැරියක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මියගොස් ඇත්තේ 3 හැවිරිදි මානවගේ ගයුමි පතිරණ නමැති උඩවලව, දකුණු ඇළ ප්‍රදේශයේ පදිංචි දැරියකි. මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පෙරේදා (05) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පත්වනු ලැබීය.

මෙකී දැරිය පදිංචි නි‍ෙවස අසල ඥාතිවරයකුගේ නි‍ෙවසේ දානමය පිංකමක් තිබී ඇත. මෙම දැරිය එම නි‍ෙවසේ දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේ බිත්තියට හේත්තුකොට තිබූ තේක්කවලින් සකස්කොට තිබූ ඇඳ විට්ටමක් පෙරළී ගොස් දැරියගේ ඇඟ මතට වැටී ඇත.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සී.ටී. මහානාම මහතා විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා හිසට වූ තුවාල නිසා මරණය වී ඇති බවට තීන්දු කළේය.

The post ඇඳ විට්ටමට යට වී මිලින වූ මල් කැකුළ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2UKAmdg
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.