Loading..

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් අද (08) මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරනු අජිත් ප්‍රසන්න මහතාට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කර තිබුණි.

The post විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SjLvg9t
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.