මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබේ.
විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.
අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක කාලය තුළදී රජයේ නිවාඩු දිනවල සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක නොවීය.
මේ අතර ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුව සහිතව ඇතැම් ඉන්ධන පිරවුම්හල් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන ඇනවුම් සිදුනොකිරීම සහ අවම තොග පවත්වාගෙන නොයාම හේතුවෙන් මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වල හිඟයක් නිර්මාණය වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
එසේම ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් සමඟ ක්ෂණිකව ඉන්ධන පාරිභෝගිකයින්ගේ ඉල්ලුම ඉහළ යාමද මෙලෙස ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවී තිබෙන බව අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවය.
The post ඉන්ධන සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/rjKtVEb
via IFTTT


