Loading..

පලසපත ගදර යය! පලසපත පටවට යජත නම පහ මනන!

මාස තුනක සේවා දිගුව අවසන් වීමත් සමඟ පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාගේ සේවා කාලය එළැඹෙන 26 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ.

පසුගිය මාර්තු මස 26 වැනි දා විශ්‍රාම යාමට සිටි ඔහුට රජය විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දෙන ලදී.

මේ වනවිට මීළඟ පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, අජිත් රෝහණ, ප‍්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර මීළඟ පොලිස්පතිවරයා කවුදැයි අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා නිතර වෙමින් සිටින විදේශ සංචාරයක නිම කර මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ටිරාන් අලස් මහතා කියා සිටී.

පොලිස්පති ධුරයට ජනාධිපතිවරයා විසින් කරන යෝජනාවක් ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසු මීළඟ පොලිස්පතිවරයා පත්වෙයි.

The post පොලිස්පති ගෙදර යයි! පොලිස්පති පුටුවට යෝජිත නම් පහ මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZzeYALK
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.