සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.එච්.ඒ හලීම්ගේ බාල සොහොයුරෙකු පසුගිය (17) වැනිදා මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 58ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පුද්ගලයා ඩුබායිහි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරදී ලක්ෂ ගණනක මුදල් වංචා කර ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරු සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශයට පැමිණිලි තුනක් ලැබී තිබෙන බව පොලිසිය පවසනවා.
අදාළ පුද්ගලයා විසින් ලබා දී තිබූ ගමන් බලපත්‍ර පොලිසිය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමු කර තිබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර වන බවයි.
සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
The post රට රැකියා සිහින පෙන්වා ජනතාවගේ මුදල් ගසා කෑ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සොහොයුරා රිමාන්ඩ් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/uaOkE7r
via IFTTT


