Loading..

කුඩු උරන්න හුරු වූ දස හැවිරිදි දරුවා කුඩුත් එක්කම අල්ලයි

යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින් 4 දා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල ළමයා හමු වී ඔහුව පරීක්ෂා කළ අවස්ථාවේදීද ඔහු හෙරොයින් පානය කොට සිටි අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ඔහු සන්තකයේ තිබී පොලීසියට හමු වී තිබේ.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම ළමයා ඊට වඩා වැඩි වයසින් යුත් ළමයින් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා පාසල් ගමනද හමාර කොට ඇති බවයි.

අත්අඩංගුවට ගත් ළමයා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

The post කුඩු උරන්න හුරු වූ දස හැවිරිදි දරුවා කුඩුත් එක්කම අල්ලයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/13CJq40
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.