Loading..

තෙවන පාර්ශ්වයක් හරහා රියදුරු බලපත්‍ර ලබා දීමේ සූදානමක්

මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර කාඩ්පත්, තුන්වන පාර්ශවයක් මගින් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. 

රියැදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක්, තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර, බලපත්‍රලාභීන්ට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් පමණක් තුන්වන පාර්ශවය මගින් මාස 6 ක් හෝ 7 ක් තුළ ලබාදීමට සැලසුම්කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

The post තෙවන පාර්ශ්වයක් හරහා රියදුරු බලපත්‍ර ලබා දීමේ සූදානමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9H7zv3h
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.