ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ කඩා වැටීමක් අද දිනයේදි දක්නට ලැබුණි. ඒ අනුව, පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී මෙම කඩා වැටීම දක්නට ලැබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 290.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 303.73ක් ලෙසටයි දැක්වෙන්නේ.
පසුගිය සිකුරාදා දිනයේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.08ක් වූ අතර විකුණුම් මිල රුපියල් 301.12ක් විය.
පසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් හා විකුණුම් මිල රුපියල් 300ට අඩු අගයක පැවැතුණි.
The post රුපියල තවදුරටත් බාල්දු වෙයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/1yR4job
via IFTTT


