අවුරුදු දෙකක් වයසැති තම පුතුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ගර්භනී මවක් මියයමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.
ඇමෙරිකාවේ – ඔහියෝ ප්‍රාන්තයෙන් එම සිද්ධිය වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලාච්චුවක තිබූ තම පියාගේ ගිනි අවිය මෙලෙස දරුවා අතට පත්ව ඇති අතර ඔහු අතින් එය ක්‍රියාත්මක වී තම මව දෙසට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
මාස 8 ක ගැබිනියක් වූ තම බිරිඳගෙන් ලද ඇමතුමක් මත සැමියා නිවසේ කිසියම් සිදුවීමක් සිදුව ඇති බව පවසමින් පොලීසියේ සහය ඉල්ලා ඇති අතර පොලීසිය එම ස්ථානයට ගොස් අදාළ කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.
The post දෙහැවිරිදි දරුවාගේ වෙඩි පහරින් ගැබිණි මව මරුට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/q1eJC5U
via IFTTT


