Loading..

ආගන්තුක හෙලිකොප්ටරයක් නිසා ගලෙන්බිදුණුවැව උණුසුම් වෙයි

ගලෙන්බිදුණුවැව – පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ඊයේ (04) පෙරවරුවේ පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගොඩබැස්සවීමත් සමඟ එම ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වුණා.

කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා පිරිසක් මෙම හෙළිකොප්ටර් යානයෙන් පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් අතර සැකයක් මතුවීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොකාවැව පොලිසියෙන් සිදුකළ විමසීමකදී සඳහන් කර සිටියේ, පිළිකා රෝගියෙකු සඳහා ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් ආශිර්වාද ලබාගෙන යාම සඳහා මෙම පිරිස අදාළ හෙළිකොප්ටර් යානයෙන් මෙලෙස පැමිණ තිබූ බවයි.

වාහනයකින් ඊයේ (04) අලුයම් කාලයේ අදාළ රෝගියා දේවාලයට රැගෙන ආ බවට අනාවරණය වී ඇති අතර ඔහුට යළි එම වාහනයෙන් ගමන් කිරීමට පැවති අපහසුතාව මත ඔහුගේ ඥාතීන් විසින් මෙලෙස පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගෙන්වාගෙන රෝගියාව රැගෙන යාමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස හෙළිකොප්ටර් යානයෙන් ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බවටයි අනාවරණය වී ඇත්තේ.

The post ආගන්තුක හෙලිකොප්ටරයක් නිසා ගලෙන්බිදුණුවැව උණුසුම් වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xigJOKW
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.