ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය.
මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීම එම චෝදනාවට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා තිබුණි.
වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බවය.
The post ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක දඩයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/aHu2ek0
via IFTTT


