Loading..

කොටස් වෙළෙඳපොළෙන් කෝටි 230ක දැවැන්ත ගනුදෙනුවක්!

මෙරට ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් අයිතිය ඊයේ(13) පෙරවරුවේ දී විකුණනු ලැබ තිබෙනවා.

ඒ අනුව දංකොටුව පෝසිලේන් හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පී.එල්.සී. විසින් තමන් සතුව තිබූ 72.51%ක් වූ දංකොටුව පෝසිලේන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක ප්‍රමාණයක් අද දින අලෙවි කර තිබෙනවා.

මෙලෙස හුවමාරු වූ කොටස් ප්‍රමාණය කොටස් මිලියන 81.43 ක් වන අතර එහිදී එක් කොටසක ගනුදෙනු මිල සටහන් වූයේ රුපියල් 28.30 ක් ලෙසයි.

ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියක් බිලියන 2.30 ක් හෙවත් රුපියල් කෝටි 230 ක්.

The post කොටස් වෙළෙඳපොළෙන් කෝටි 230ක දැවැන්ත ගනුදෙනුවක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/znwWBa0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.