ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (12) දිනයේ දී කැඳවා තිබූ අතර එහිදී රු. මිලියන 99,660 ක ලංසු ප්‍රමාණයක් පිළිගෙන ඇත.
නමුත් මේ සඳහා රු. මිලියන 194,890 ක ලංසු ලැබී තිබුණි.
එහිදී දින 91 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08 ක් දක්වාත්, දින 182 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.
The post පහළ බැසි භාණ්ඩාගාර බිල්පත් අනුපාතික යළි ඉහළට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HhIRfTm
via IFTTT


