Loading..

ත්‍රී රෝද මොඩිෆයි කිරීමට අවසර! ගාස්තු අයවන්නේ මෙහෙමයි!

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර ලබා දීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

නමුත් ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් ගාස්තු කාණ්ඩ 30ක් යටතේ අය කරන බවයි ඔහු පවසන්නේ.

ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවේ 0113484520 දුරකථන අංකයෙන් ලබාගත හැකි බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

ත්‍රීරෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම් නිසා මෙම අවසරය ලබා දුන් බව ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි.

එමෙන්ම මෙම අනුමැතිය මේ මස 10 වැනිදා සිට බලාත්මක වනු ඇත.

The post ත්‍රී රෝද මොඩිෆයි කිරීමට අවසර! ගාස්තු අයවන්නේ මෙහෙමයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/b7krMiC
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.