Loading..

Toyota සමාගමෙන් විශේෂ නිවේදනයක්

Toyota මෝටර් රථ දහස් ගණනක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට එම සමාගම තීරණය කර තිබේ.

මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බවය.

අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති බවය.

මේ අතර Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂාකරගැනීමක් සිදුකරගත යුතු බවය.

ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

The post Toyota සමාගමෙන් විශේෂ නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Vph8WE9
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.