Loading..

සක්විති හා බිරිඳ වරද පිළිගනී! අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න!

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබීය.

ඒ අනුව අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා සිටියේය.

ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි.

ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The post සක්විති හා බිරිඳ වරද පිළිගනී! අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Vpytd0X
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.