වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි පළමු වසර ශිෂ්‍යයෙකු ඊයේ (18) හදිසියේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මෙම සිසුවාට නේවාසිකාගාරයේ සිටියදී උණ රෝගය වැළඳීමෙන් පසු වහාම ඔහු රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඔහු රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මීට මාස 5කට පමණ ඉහත දී මේ අයුරින් වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුවෙකු උණ රෝගයෙන් මියගිය අතර ඔහුගේ මරණයට ද හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මියගිය මඩකලපුව සිසුවාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතුවලින් පසුව දෙමාපියන්ට භාර දීමට නියමිතයි.
වවුනියාව, මහරම්බකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනවා.
The post විද්‍යා පීඨයක සිසුවෙකු හදිසියේම මිය යයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/931TwoK
via IFTTT


