Loading..

ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරමිභ කරමින් තරගාවලියෙහි පළමු තරගය ලෙස අගොස්තු 30 වනදා පාකිස්තානය හා නේපාලය අතර තරගය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය.

2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා “ඒ” සහ “බී” කාණ්ඩ යටතේ කණ්ඩායම් 6ක් සහභාගී වෙයි.

එහිදී ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය “ඒ” කාණ්ඩය යටතේද ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය “බී” කාණ්ඩය යටතේද තරග වදියි.

ඉන් එක කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 4 දෙනාගේ වටයට තේරෙන අතර තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹදී පැවැත්වෙයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව ඇති අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් පාකිස්තානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.

එබැවින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීමෙන් තරගාවලියේ සමහර තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළේය.

2023 ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේදී ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලියේ තරග පන්දු ඕවර 50 තරග ලෙස පැවැත්වෙයි.

The post ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JWRnEim
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.