මෙරටට යළි තිරිඟු පිටි ආනයනයට ලබා නොදුනහොත් තවත් සති දෙකකින් පමණ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර තිබූ තිරිඟු පිටි සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් වන බවයි.
තිරිඟු පිටි ආනයනය නොකර මෙරට තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක හරහා තිරිඟු පිටි බෙදා හැරීම සිදුකළහොත් යළි තිරිඟු පිටි මිල ඉහළ යා හැකි බවද ඔවුන් සඳහන් කරනවා.
කෙසේ නමුත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ඡා කළ ද ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
The post සති දෙකකින් තිරිඟු පිටි හිඟයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/PCiH41y
via IFTTT


