අද (17) පැවති විරෝධතාවක් අතරතුරදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්ට කිසියම් පිරිසක් විසින් පහර දීමට උත්සාහ දරා තිබේ.
පසුගියදා මනම්පිටිය ප්‍රදේශයේදී 11 දෙනෙකු මිය ගිය බස් රථ අනතුර සහ මඩකලපුව ප්‍රදේශයේ ධාවනය වන බස් රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අද විරෝධතාවක් පැවැත්වුණා.
මෙම විරෝධතාවයේදී උද්ඝෝෂකයින් විරෝධතාවයේ නිරත වූයේ නීතිවිරෝධී බස් ධාවනය වහාම නතර කළ යුතු බව හා නැගෙනහිර පළාත් මාර්ග ප්‍රවාහන අධිකාරියේ පහත් ක්‍රියාකලාපය හේතුවෙන් අද ජීවිත 11ක් අහිමි වූ බව පවසමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මෙම විරෝධතාවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී රැස්ව සිටි පිරිස අතරින් දෙදෙනෙක් ඔහුට පහර දීමට තැත් කිරීම නිසා විරෝධතාකරුවන් විසින් ඔවුන් දෙදෙනාව විසුරුවා හැර තිබේ.
මන්ත්‍රීවරයා පොලිසියේද සහය ඇතිව බලපත්‍ර රහිතව ධාවනය වන බස් රථ පරීක්ෂා කළේය.
The post මන්ත්‍රී රාසමාණික්කම්ට ජනතා විරෝධය first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/hQLaWHd
via IFTTT


