Loading..

අසවසම නම ලයසත පරසදධයට පත කර

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මේ වන විටත් එම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කර ඇති බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.

කෙසේවෙතත් හෙට (05) දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මෙම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරනු ඇත.

සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති නාමලේඛන කිසිදු සංශෝධනයකට භාජනය නොකර අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මේ දක්වා ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා හිමි වූ කිසිදු පුද්ගලයෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අදාළ දීමනා කප්පාදු කිරීමකින් තොරව ලබාදෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේය.

එම පුද්ගලයින් සඳහා ලබාදෙන දීමනා පිළිබඳ අලුතින් අයදුම්කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරා ඇති බව ද සඳහන්ය.‍‍

අස්වැසුම දීමනාලාභීන්ගේ නාමලේඛනය මෙතනින්

The post අස්වැසුම නම් ලැයිස්තු ප්‍රසිද්ධියට පත් කෙරේ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KZwmUHg
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.