Loading..

17 හැවිරිදි තරුණියට දිවි අහිමි කළ දුරකථන ඇමතුම

ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලීසිය පවසයි.

දුම්රියේ ගැටී මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් මෙකා නැමති (17) හැවිරිදි තරුණියකි.

දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගය දිගේ ජංගම දුරකථනයෙන් කතා කරමින් නිවස කරා පැමිණෙන අතරතුර හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අඩි 60 පාලම අසල දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටී ඇත.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් කොටගල දුම්රිය ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

මියගිය තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලීසිය පරික්ෂණ පවත්වයි.



from TODAY NEWS LK https://ift.tt/fzuMN3E
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.