Loading..

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි! වසර 20ක සිර දඬුවමක් නියම වීමේ අවදානමක්!

ධවල මන්දිරයට ආපසු යාම නම් වු ප්‍රචාරක ව්‍යාපාරය හරහා 2020 මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කළ බවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කළ බවට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ඔහුට මෙතෙක් එල්ල වූ බරපතලම නීතිමය තර්ජනය මෙය බවයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවය.

කෙසේ වෙතත් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතිෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තවත් නම් නොකළ පුද්ගලයින් හය දෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනුකර ඇති බවද සඳහන්ය.

ඔහු ඒ සඳහා හෙට අධිකරණය හමුවේ පෙනී සිටීමට ද අනියමිතයි.

චෝදනා සඳහා ඔහු වැරදිකරුවෙකු වුවහොත් ඔහුට වසර 20 ක සිරදඬුවමක් හිමිවනු ඇත.

The post ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි! වසර 20ක සිර දඬුවමක් නියම වීමේ අවදානමක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/e41nZkR
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.