Loading..

මහනුවර පාසල් දින 3කට වැසෙයි

මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් ඉදිරි සතියේ දින තුනක් වසා තැබීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසා සිටියේ ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වෙන බවය.

පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලබන සතියේ නිවාඩු ලබාදෙන පාසල්,

*මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ඇති පාසල්
*මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වා
*මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා
*මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා
*දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවල වත්ත/හන්තාන



from TODAY NEWS LK https://ift.tt/v2w5tqB
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.