Loading..

මිල ප්‍රදර්ශනය නොකළ භාණ්ඩ නොමිලේ ලබා ගන්නා ලෙස ජනතාවට පාරිභෝගික සේවා අධිකාරියෙන් උපදෙස්

පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් විසින් පෙරේදා (14) පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ඇතුළු වෙළෙඳසැල් රැසක් පරික්ෂා කර තිබේ.

එහිදී භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් 3කට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබුණි.

භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය නොකරන්නේ නම්, එම භාණ්ඩ නොමිලේ ලබා ගන්නා ලෙස අදාළ නිලධාරීන් විසින් දැනුම්දී තීබේ.

එම සංකල්පය සමාජගත කිරීමේ අරමුණෙන් මෙසේ දැනුම්දී ඇත.

මිල ප්‍රදර්ශනය කිරීමට වෙළෙඳ ප්‍රජාව උනන්දු කිරීමේ අරමුණෙන් මෙම උත්සාහය ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.



from TODAY NEWS LK https://ift.tt/uiQJrfz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.