Loading..

හෝමාගම ගින්නේ නවතම තොරතුරු මෙන්න! මුඛ ආවරණ පළඳින ලෙසත් ඉල්ලීමක්!

කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් හෝමාගම පදිංචිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කර සිටින්නේ හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසයි.

රසායනික ගබඩාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්වසන ආබාධ ඇති විය හැකි අතර එම ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම උපදෙස් පිළිපඳින ලෙසයි ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත්තේ,

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවීමේ රථ 8ක් යොදා ගෙන තිබිණි.

තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් ගින්නට හසුවීමෙන් විනාශ වී ඇත.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.



from TODAY NEWS LK https://ift.tt/bwXAvJq
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.