Loading..

ශාන්ත බණ්ඩාරට නව තනතුරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොහොට්ටුවට එක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර තිබෙනවා.

ඒ මහතා පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අතින් එම පත්වීම් ලිපිය බාරගෙන ඇති බව සඳහන්.

ලබන පස් වෙනිදා බිංගිරිය පොහොට්ටු අසන බල මණ්ඩලය පිහිටුවීමෙන් අනතුරුව ඔහු නිල වශයෙන් ආසනයේ වැඩ කටයුතු සිදුකරන බව ඇමතිවරයා බිංගිරිය කරව්වැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළා.

ඊට අමතරව සෑම සදුදා දිනකම අමාත්‍යවරයාගේ මහජන දිනය බිංගිරිය ප්‍රාදේශීය සභාවේදී සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේදී පවත්වන බවත් ඔහු කියා සිටියා.

මිට පෙර බිංගිරිය ආසනයේ පොහොට්ටු සංවිධායක ලෙස කටයුතු කලේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුණිදාස ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොහොයුරෙකු වන වයඹ පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක මහතායි.

The post ශාන්ත බණ්ඩාරට නව තනතුරක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lLGNxa5
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.