Loading..

කහ උණ එන්නත් හිඟයෙන් රට යෑමට සිහින දකින පිරිස් අමාරුවේ

විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන කහ උණ එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම නිසා විදේශගතවන්නන් දැඩි අපහසුතාවට පත්ව ඇත.

මෙම එන්නත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට නොමැති වීම නිසා කහ උණ පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව කහ උණ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා එන්නත්කරණය කිරීම සාමාජික රටවල වගකීමක් බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමේදී සහ නැවත පැමිණීමේදී කහ උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් ලක් රජය ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කිරීම බරපතළ කරුණක් බවද ඔහු සඳහන් කළේය.



from TODAY NEWS LK https://ift.tt/EhvKIyB
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.