Loading..

මැයි 9 සිදුවීමත් සමඟ ඉමහත් ප්‍රසිද්ධියකට ලක් වූ බේරේ වැව පුද්ගලික සමාගමකට

කොළඹ නගර මධ්‍යයේ පිහිටි බේරේ වැව නඩත්තු කරමින් පවත්වාගෙන යාමට පුද්ගලික සමාගමකට ලබා දීමට රජය තීරණය කර ඇත.

බේරේ වැවේ හමන දුගඳ නැති කොට එය පිරිසුදු කිරීමටත් එය පිරිසිදුව පවත්වාගෙන යාමටත් අදාල සමාගමට පැවරෙයි.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර මීට සමගාමීව බේරේ වැවට මලාපවාහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග වෙනුවට විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමටද කටයුතු කිරීමට නියමිතව තිබේ.

අධි තාක්ෂණික උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් වැව පිරිසිදු කිරීමේ කටයුතු අදාළ සමාගම් විසින් සිදු කිරීමට නියමිතව ඇත.



from TODAY NEWS LK https://ift.tt/s15Xheo
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.