ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තිරිඟුපිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රුපියල්16 සිට රුපියල් 27 දක්වාත් තිරිඟු ඇට සඳහා රුපියල් 06ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
from TODAY NEWS LK https://ift.tt/pIizbV0
via IFTTT


