Loading..

මහමග ධාවනය වෙමින් තිබූ වාහනයක් ගිනිගනී

යාපනය පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ වල්ලෙයි මන්සන්ධියේදී ධාවනය වෙමින් තිබූ බට්ටා වර්ගයේ ලොරි රථයක ඇති වූ හදීසි ගිනිගැනීමකින් ලොරි රථයට දැඩි හානි සිදුව ඇතැයි අච්චුවේලි පොලීසිය පවසයි.

ලොරි රථය පේදුරුතුඩුව සිට වල්ලෙයි ප්‍රදේශයට ධාවනය වී ඇති අතර එහිදී වල්ලෙයි මන්සන්ධියේදී රියදුරු ආසනය ආසන්නයෙන්ම ගිනිගැනීමක් සිදුවීම හේතුවෙන් රියදුරු වහාම ලොරි රථය නවතා ඉන් ඉවත් වී ඇත.

කෙසේ වෙතත් සැනකින් ලොරි රථය පුරා ගින්න පැතිර ඇති අතර ප්‍රදේශවාසීන් මෙන්ම මාර්ගයේ ගමන්ගත් අයගේ සහයෙන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට හැකිවී ඇත.

කෙසේ වෙතත් ගින්න නිවා දමන විටත් ගිනි ගැනීමෙන් ලොරි රථය සම්පූරනයෙන්ම පාහේ විනාශ වී තිබුණි.

කෙසේ වෙතත් ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇතැයි පරික්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය සැක පල කර සිටියි.
-වන්නි රොමේෂ් මධුෂංඛ-



from TODAY NEWS LK https://ift.tt/kPa8W2Y
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.