Loading..

ආසියානු කුසලානය අභිමුව තිබියදී කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් වැළඳෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසයි.

ඔහුට උණ රෝගය වැළදීම නිසා කළ පරීක්‍ෂණයේදී ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති අතර දින තුනකදී වයිරසය සුව අතට පත්වන බව වෛද්‍යවරු පවසා ඇති බවයි වාර්තා වන්නේ

ඔහුගේ ආශ්‍රිතයෙක් වූ තවත් පිතිකරුවෙක් ද ‘කොවිඩ්’ පරීක්‍ෂාවට ලක්කළ ද ඔහුට ‘කොවිඩ්’ වැළදී නොමැති යැයි තහවුරු වී තිබේ.



from TODAY NEWS LK https://ift.tt/Q6CHGSf
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.