Loading..

ප්‍රාථමික අංශයට ගුරුවරුන් බඳවා ගැනීම ගැන තීරණයක් ගනී

නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අංශවල කටයුතු කිරීම ද එහි ගුණාත්මකභාවය පහළ යෑමට හේතු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා ප්‍රාථමික පන්තිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බාධා සම්බන්ධයෙන් සොයා බලන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය එක් ව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් කොවිඩ් සමයේ අහිමි වූ අධ්‍යාපන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

මේ හේතුවෙන් නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ ඉදිරියේ දී කිසිදු අවස්ථාවක නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයෙහි නොයොදවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම දැනට පාසල්වල සිටින නුපුහුණු ප්‍රාථමික ගුරුවරුන් පුහුණු කිරීමට නියමිතයි.

මේ වන විට වර්ග පහකින් පමණ පවතින විවිධ පෙරපාසල්වල උගන්වනු ලබන පෙරපාසල් ගුරුවරයාගේ සිට ම ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලු ගුරුවරුන්ගේ සුදුසුකම් හා පුහුණුවීම් සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.



from TODAY NEWS LK https://ift.tt/RngYlUk
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.