Loading..

මුරලි තම ව්‍යාපාර විදේශයන්ටත් රැගෙන යයි

මෙරට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තමන්ට අයත් Ceylon Beverage Can Private Limited සමාගමේ කර්මාන්තශාලාවක් ඉන්දියාවේ විවෘත කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙරට ප්‍රකට ඇසුරුම් සමාගමක් වන Ceylon Beverage Can Private Limited හි අධ්‍යක්ෂවරයෙක් ලෙස මුත්තයියා මුරලිදරන් කටයුතු කරනවා.

කර්නාටක ප්‍රාන්තයේ ධාර්වාඩ් ප්‍රදේශයේ “ඇලුමිනියම් කෑන් සහ බීම පිරවුම් කම්හලක්” පිහිටුවීම සඳහා ඔහුගේ සමාගම මීට පෙර ප්‍රාන්ත රජයට යෝජනාවක් කර තිබුණා. එය ඉන්දීය රුපියල් කෝටි 440ක ආයෝජනයක් බව පැවසෙන අතර කර්මාන්තශාලාව පිහිටුවීම සඳහා අක්කර 26ක ඉඩමක් ඉල්ලා තිබෙනවා. එයින් සේවකයන් 500කට ඍජු රැකියා හිමිවන බවයි පැවසෙන්නේ. කර්නාටක රජය මීට කැමැත්ත පළ කර ඇති අතර එහි ඉදිරි කටයුතු සිදුවන බව වාර්තා වෙනවා.

ලංකාවේ Ceylon Beverage Can Private Limited සමාගම දැනට විවිධ ප්‍රමාණයේ ඇසුරුම් කෑන් වර්ග අටක් විවිධ නිෂ්පාදනය කරන්නේ විවිධ වෙළඳ නාම වෙනුවෙන්. මේවා සඳහා කලාපයේ ඇති විශාල ඉල්ලුම හේතුවෙන් ඉන්දීය කර්මාන්තශාලාව ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/zab7Asv
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.