Loading..

පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලයේදී කඩා වැටෙයි

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් චිනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවය.

ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27ට පමණ ගුවන් හමුදා චිනවරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී ඇත.

අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් මේ වනවිටත් පත්කර ඇති අතර විමර්ෂකයින් මේ වනවිට කටයුතු ආරම්භ කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/UPH2Tl7
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.